ජානිපෙ විශේෂ කාරක සභාවෙන් ඉවත්වීමට සැරසෙයි.

Saturday, 27 July 2013 - 19:08

%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

පළාත් සභාවල ඉඩම් හා පොලිස් බලතල ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාතික ගැටලූව විසඳීමට පත් කර ඇති විශේෂ කාරක සභාව කඩිනම් පියවරක් නොගතහොත් අදාළ තේරීම් කාරක සභාවෙන් ඉවත් වන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. ඉදිරියේදී රැස්වන ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේදී මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක එම්.මුසම්මිල් කියා සිටියේ.

[MP3]s63886_1[/MP3]              

කෙසේ වෙතත්, පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමේ ජාතික එකමුතුව විසින් පසුගියදා සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් බොදුබල සේනා සංවිධානය ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවයන් ඉඩම් සහ පොලිස් බලතල සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ද අදහස් පළ කළා. එම සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජාතික නිදහස් පෙරමුණ ඇතළු එම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ උතුරු පළාත් සභා මැතිවරණයට පෙර අදාළ සංශෝධන සිදුනොකළහොත් ගනු ලබන තීරණය ප්‍රකාශ කරන ලෙසයි.

[MP3]s63886_2[/MP3]