කෝටි විසිපහේ කතාවට දයාසිරිගෙන් නඩු.

Saturday, 27 July 2013 - 19:12

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%84%E0%B7%9A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94.

තමන් මුදල් ලබාගෙන රජයට එක්වූ බවට ප්‍රකාශ කරන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (27) ප්‍රකාශ කළා. ඒ, කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්නගේ වාරියපොල නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරුන් වන ජයරත්න හේරත් සහ සාලින්ද දිසානායක එක්ව සිටියා. එමෙන්ම, නෙරංජන් වික්‍රමසිංහ සහ තාරානාත් බස්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. මාධ්‍ය හමුවට වයඹ පළාත් සභාවේ හිටපු මහ ඇමති අතුල විජේසිංහ සහභාගී නොවීමද විශේෂත්වයක්.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව තමන් රජයට එක්වන බව පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ තවත් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කියා සිටියේ මුදල් ලබාගෙන දයාසිරි මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක්වූ බවයි.

[MP3]s63887_1[/MP3]                      

කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වු එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ ද ප්‍රකාශ කළේ මුදල් ලබාගෙන දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීවරයා රජයට එක්වූ බවයි.

[MP3]s63887_2[/MP3]                       

මෙම චෝදනාව පිළිබඳව අද එස්.බී.නාවින්න ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයාගේ වාරියපොල නිවසේ පැවති මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගෙන් මාධ්‍යවේදීන් කරුණු විමසුවා. ඔහු කියා සිටියේ ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.  

[MP3]s63887_3[/MP3]