Web අඩවියෙන් කළ සත්ත්ව ජාවාරම.

Monday, 29 July 2013 - 18:51

Web++%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8.

අන්තර් ජාලය ඔස්සේ සත්ත්ව වෙළදාමේ නිරත වූ කිරුළපන ප්‍රදේශයේ පුද්ගලයෙකු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සත්ත්ව විශේෂ 4ක් සහ සතුන් රඳවා ගත් කූඩුවක් ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බව සඳහන්. උපාය ධුතයන් දෙදෙනෙකු යොදා මෙම වැටලීම සිදුකළ බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ. සැකකරු විසින් පිඹුරෙකු රුපියල් 10,000ක් වැනි මුදලකට ද, නාගයෙකු රුපියල් 4000ක මුදලකට ද, තලගොයි විශේෂ රුපියල් 17,500කට ද අන්තර් ජාලය ඔස්සේ අලෙවි කර ඇති බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ. අන්තර්ජාලය ඔස්සේ විකිණීමට සූදානම් කර තිබූ රිලවෙකු ද වනජීවි නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වුණා. අත්අඩංගුවට ගත් සැකකරු සහ වන සතුන් අද (29) දිනයේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අන්තර්ජාල වන සත්ත්ව ජාවාරම පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන.
 
[MP3]s64012[/MP3]