ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලකට ප්‍රහාරයක්.

Monday, 29 July 2013 - 19:07

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට කිසියම් පිරිසක් විසින් අද (29) පස්වරුවේ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කොළඹ - පුරහල ප්‍රදේශයේ පිහිටි ඔඩෙල් සාප්පු සංකීර්ණයේ රථ ගාල තුළදී  මෙම පහරදීම සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්. අමාත්‍යවරයාගේ පුත්‍රයා අදාළ සාප්පු සංකීර්ණයේ අවහන්හලකින් ආහාර ගෙන නැවත සිය මෝටර් රථය වෙත පැමිණෙමින් සිටින අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පහරකෑමෙන් තුවාල ලැබූ මාලක සිල්වා පසුව කොළඹ නවලෝක රෝහල වෙත ඇතුළත් කෙරුණා. පහරදීමෙන් ඔහුගේ හිසට සහ මුහුණට තුවාල සිදුව ඇති බව වාර්තා වනවා. පහරදීමට පැමිණි පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නැහැ. අදාළ සාප්පු සංකීර්ණයේ පිහිටි ආරක්ෂක කැමරා උපයෝගී කර ගනිමින් එම පිරිස හඳුනා ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පහරදීමේ සිද්ධිය වාර්තා වීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය සිද්ධිය පිළිබද දැන ගැනීමට අමාත්‍ය මර්වින් සිල්වාට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා.

[MP3]s64015[/MP3]