වාස්ගේ පුතාට රටින් පිටවීම තහනම්.

Tuesday, 30 July 2013 - 18:57

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන රවිඳු වාස් ගුණවර්ධනට රටින් පිටවී යාම තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (30) නියෝග කළා. අතිරේක මහේස්ත්‍රාත් එම්.ඒ. සහබ්දීන් ආගමන විගමන පාලකවරයාට මෙම නියෝගය කළේ රහස් පොලීසිය කළ ඉල්ලීමක් සලකා බලමින්. මෙම සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 7 දෙනෙකු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. රවිඳු වාස් ගුණවර්ධන යනු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත්‍රයායි.
 
රහස් පොලීසිය මෝසමක් මගින් අධිකරණයට අද (30) කරුණු වාර්තා කළා. එහිදී රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර කියා සිටියේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. මෙසේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියදී ඔහු විදේශගතවීම සඳහා සූදානම් වන බවට තොරතුරු ලැබී තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද වරෙන්තු නිකුත් කර ඇති බවයි රහස් පොලීසිය පැවසුවේ. එම නිසා සැකකරු රටින් පිටවීමට ගුවන් තොටුපළට පැමිණියහොත් අත්අඩංගුවට ගෙන රහස් පොලීසියට භාර දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලීසිය කළ ඉල්ලීමට අධිකරණය අවසර දුන්නා. නඩුව අගෝස්තු 1 වන දා යළි කැඳවනවා.