රාජකීය ගුරුවරිය වහලයෙන් පොලීසියට.

Tuesday, 30 July 2013 - 19:11

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7.

කොළඹ රාජකීය විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලයක් මත නැගී එම පාසලේ ගුරුවරියක් අද (30) උදෑසන ක්‍රියාත්මක කළ  විරෝධතාවය නින්දිත රාජ්‍ය සේවා ආදර්ශයක් බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (30) පැවැති රැස්වීමක් අමතමින්.

රාජකීය විද්‍යාලයේ ගුරුවරිය අද (30) පෙරවරුවේ මෙම විරෝධතාවය ආරම්භ කළේ ඇය ඇතුළු තවත් ගුරුවරුන් තුන් දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ ස්ථාන මාරුවකට විරෝධය පළ කරමින්. කෙසේ වෙතත්, අද පස්වරුවේ පොලීසිය විසින් ඉන් බිමට බැස්සූ ඇය ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කුරුඳුවත්ත පොලීසිය වෙත රැගෙන ගියා. 11 වන ශ්‍රේණිය සඳහා සිංහල භාෂාව සහ සාහිත්‍ය විෂය උගන්වන වී.කේ. දිසානායක නැමැති මෙම ගුරුවරිය වසර 8කට වැඩි කාලයක් රාජකීය විද්‍යාලයේ සේවය කර තිබෙනවා. කෙසේ වෙතත්, ඇය නිසි පරිදි ඉගැන්වීම් කටයුතු සිදුකර නොමැති බව අද (30) හෝමාගම පැවැති රැස්වීමේදී අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එහෙත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ නියමිත පරිදි ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවීම මෙවැනි විරෝධතාවලට හේතු වී ඇති බවයි.   

[MP3]s64079_1[/MP3]                                                                                    

මෙම චෝදනාව සම්බන්ධයෙන් රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකරගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු ඊට දැක්වු ප්‍රතිචාරයයි මේ.

[MP3]s64079_2[/MP3]                                                            

කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරුන් කිහිප දෙනෙකු ද මේ පිළිබදව සිය අදහස් පළ කළා.

[MP3]s64079_3[/MP3]                                                                              

හෝමාගම පැවැති රැස්වීමේදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙම ගුරුවරියගේ ක්‍රියා කලාපය දැඩි විවේචනයට ලක් කළා.

[MP3]s64079_4[/MP3]