කරුවලගස්වැව අනතුරක්. - නාවික හමුදාවේ 02ක් මරුට.

Wednesday, 31 July 2013 - 7:30

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+02%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.


                       
පුත්තලම - කරුවලගස්වැව ප්‍රදේශයේ දී මෝටර් රථයක් කන්ටේනර් රථයක ගැටී අද (31) අලූයම සිදුවූ අනතුරකින් නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ අද (31) අලූයම 2.50ට පමණ පූනෑව නාවික හමුදා කඳවුරේ සිට කොළඹ බලා ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ මෝටර් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි. අදාළ කන්ටේනර් රථය කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් තිබුණා. මිය ගිය නාවික හමුදා නිලධාරීන් දෙදෙනා නාවික හමුදාවේ කමාන්ඩර් ප්‍රි‍්‍රයන්ත සහ ලූතිනන් කමාන්ඩර් කලූතන්ත්‍රි වශයෙන් හඳුනාගෙන ඇති බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් නාවික හමුදා සෙබලෙකු පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබනවා.