ඉන්දියානු ධීවරයින් 65 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට.

Wednesday, 31 July 2013 - 12:38

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+65+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 65 දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදාව විසින් ඊයේ (30) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සඳහන් කළේ මොවුන් සමඟ බෝට්ටු 9 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි. මින් බෝට්ටු 5 ක් පේදුරු තුඩුවට උතුරු මුහුදුසීමාවේදී සහ බෝට්ටු 4 ක් මුලතිව්වලට ඊසාන දිගින් පිහිටි මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පේදුරුතුඩුව මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් ධීවරයින් පිරිස පේදුරු තුඩුව ප්‍රදේශය භාරව කටයුතු කරන ධීවර පරීක්ෂකයා වෙත භාර දී ඇති අතර, මුලතිව් මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් ධිවර යාත්‍රා ගොඩබිමට රැගෙන එමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.

 

මේ අතර, ඉන්දු - ලංකා මුහුදු තීරයේ මසුන් මැරීමේදී පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි ඉන්දීය ධීවර නියෝජිතයන්ගේ සංචාරය කල් දමා තිබෙනවා. 19 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස හෙට දිවයිනට පැමිණීමටයි නියමිතව තිබුණේ. ධීවර දෙපාර්තමේන්තුවේ උපදේශක එස්.පී. අන්තෝනිමුත්තු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම පිරිස හෙට දිනයේ නොපැමිණෙන බවට තමිල්නාඩු ධීවර සමිති සම්මේලනයේ උපදේශකවරයා තමන්ට ඊයේ දැනුම් දුන් බවයි.  

 
[MP3]s64124[/MP3]    

[JPG]64124_1[/JPG]

[JPG]64124_2[/JPG]

[JPG]64124_3[/JPG]