හිමිනම උපවාසය අත්හරී. - රතුපස්වල ජල ගැටලූව තවමත්.

Wednesday, 31 July 2013 - 12:41

%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B7%93.+-+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A.

වැලිවේරියේ ගම්මාන 10කට බලපා ඇති පානීය ජල ගැටළුවට විසඳුම් ඉල්ලා ජනතාව සිදුකළ විරෝධතාව තවමත් අවසන් වී නැහැ. රතුපස්වල - ගල්ඔලූව සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් පෙරේදා (29) රාත්‍රියේ ආරම්භ කළ මාරාන්තික උපවාසය තාවකාලිකව නතර කෙරුණේ සිද්ධිය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීමත් සමඟයි. කෙසේ වෙතත්, උන්වහන්සේ ඇතුළු ගම්වැසියන් තවමත් රසායනික අපද්‍රව්‍ය මුදා හරින කර්මාන්තශාලාව අසල රැදී සිටිනවා. ඒ පිළිබඳව අදහස් දක්වන රතුපස්වල - ගල්ඔලූව සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන්.

 

[MP3]s64125_1[/MP3]

 

ප්‍රදේශවාසීන් පවසන්නේ, තවමත් තම ගැටලූවට නිසි විසඳුමක් ලැබී නොමැති බවයි. කම්හල වටා සිටින ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ඒ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.

 

[MP3]s64125_2[/MP3]

 

මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා ද ඊයේ මෙම ප්‍රදේශයට පැමිණ අදාළ රසායනික අපද්‍රව්‍ය මුදා හරින බවට චෝදනා එල්ල වන කර්මාන්ත ශාලාව වසා දමන ලෙස එම ආයතනයට දැනුම් දුන්නා. එහෙත් ජනතාව එම අවස්ථාවේදී ද ප්‍රකාශ කළේ එය ගැටලූවට අවසන් විසඳුම නොවන බවයි. එම අවස්ථාවේදී අමාත්‍යවරයා සහ ප්‍රදේශවාසීන් අතර මෙවැනි සංවාදයක් ඇතිවුණා.

[MP3]s64125_3[/MP3]