එපා කී පෙට්‍රල් තොගයෙන් මෙ.ටොන් 25,000 ක් භාර ගැනේ.

Wednesday, 31 July 2013 - 12:45

%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99.%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+25%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.

පළමු පරීක්ෂාවේදී ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වූ ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 25,000 දෙවන පරීක්ෂාවෙන් පසු මිලදී ගැනීමට තීරණය කළ බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළා. පෙට්‍රෝලියම් චයිනා සමාගමෙන් මෙරටට ආනයනය කළ මෙම පෙට්‍රල් තොගය සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 5000 ක්, පළමු රසායනාගාර පරීක්ෂණයේදී ප්‍රමිතියෙන් තොර බවට හෙළි වුණා. කෙසේ වෙතත්, දෙවන පරීක්ෂාවේදී ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොගය ප්‍රමිතියෙන් තොර බවට යළි තහවුරු වීම නිසා එම පෙට්‍රල් මිලදී නොගැනීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඔහු මෙම කරුණු අනාවරණ කිරීම සඳහා අද (31) මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙලෙස කරුණු අනාවරණ කළා.

 

[MP3]s64127_1[/MP3]

 

මේ අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තිලක් කොල්ලූරේ එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මේ මස 4 වැනිදා ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් ද අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කරුණු දක්වා සිටියා.

 

[MP3]s64127_2[/MP3]



දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More

අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය සභා කාර්යාල සහායකවරයෙකුට සිරදඬුවම්
Tuesday, 04 August 2020 - 18:58

ඉඩමක් පවරා ගැනීම සඳහා ලිපියක් සකස් කරදීමට රුපියල් 2000 ක අල්ලස්... Read More

දඹුල්ලේ සම්භාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි
Tuesday, 04 August 2020 - 18:53

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී... Read More