රතුපස්වල වතුර නඩුව කල් යයි - බස්නාහිර භූගත ජලය ගැන සැකයක්.

Wednesday, 31 July 2013 - 19:18

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B7%E0%B7%96%E0%B6%9C%E0%B6%AD+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පොලිසිය දැනට කර ඇති කරුණු වාර්තා කිරීම් පදනම් කර ගනිමින් වැලිවේරිය - නැඳුන්ගමුව ජනතා විරෝධයට ලක්වු කර්මාන්ත ශාලාව වසා දැමීමේ නියෝගයක් නිකුත් කළ නොහැකි බව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) ප්‍රකාශ කළා. ගම්පහ මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මේ බව සඳහන් කළේ පොලිසිය බී වාර්තාවකින් ප්‍රදේශයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

වැලිවේරිය - නැඳුන්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන කර්මාන්ත ශාලාවකට එරෙහිව රතුපස්වල ඇතුළු ප්‍රදේශයේ ගම්මාන 10 ක ජනතාව පසුගිය සෙනසුරාදා සිට විරෝධතාවයක නිරතව සිටිනවා. මේ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 124 වැනි වගන්තිය යටතේ ගම්පහ පොලිස් අධිකාරී රංජිත් මාසිංහ අද අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. එහිදී ඔහු ඉල්ලා සිටියේ ප්‍රදේශයේ ජල මුලාශ්‍ර අපවිත්‍රවීමට බලපෑවේ මෙම කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරීත්වයද යන්න පිළිබඳව සොයාබලන පරීක්ෂණවලට අධිකරණයේ සහය ලබාදෙන ලෙසයි. ඒ සඳහා පදනම් වූ මහජන පැමිණිලි 04 ක්ද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දුන්නේ මෙම පැමිණිලි 04, පමණක් පදනම් කර ගනිමින් කර්මාන්ත ශාලාව වසා දැමීමේ නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි. ජල මුලාශ්‍ර වෙනස්වීමට හේතුව සොයා බලන පාර්ශව 05 කින් කඩිනම් වාර්තා කැඳවීම සඳහා මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට අවසර ලබාදෙනු ලැබුවා. ඒ අනුව මෙම නඩුව හෙට යළි කැඳවීමට නියමිතයි.

මෙම කර්මාන්ත ශාලාවට ඇතුළුවන මාර්ග ලී කොට දමා අවහිර කරමින් පෙරේදා රාත්‍රියේ සිට ප්‍රදේශවාසීන් එම ස්ථානයේ තවදුරටත් රැඳී සිටිනවා. ඔවුන් කිහිප දෙනෙකු තම ගැටළුව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දැක්වූවා.

[MP3]s64154_1[/MP3]                                                                           

කෙසේ වෙතත්, ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පානීය ජලය සැපයීමට මේ වනවිට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කරුණාසේන හෙට්ටිආරච්චි කියා සිටියා.

[MP3]s64154_2[/MP3]                                              

ජලය පානයට සුදුසුද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ එහි පී.එච්. අගය අනුවයි. පී.එච්. අගය යනු ජලයේ ආම්ලික සහ භාෂ්මිකතාවයයි. පී.එච්. අගය 6.5 සිට 7.5 දක්වා අතර පවතී නම් එම ජලය පානයට සුදුසු බවයි නිර්දේශ කර ඇත්තේ. 6.5 ට අඩු වුවහොත් එම ජලය ආම්ලික තත්ත්වයට පත්වන අතර, 7.5 ට ඉහළ ගියහොත් භාෂ්මිකතාවයට පත්වනවා. එවැනි ජලය පානයට සුදුසු වන්නේ නැහැ.

කෙසේ වෙතත්, ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ වැලිවේරිය - රතුපස්වල ඇතුළු ගම්මානවල ජලයේ ආම්ලිකතාවය පිළිබඳ ගැටළු ඇතිවීමත් සමගම බස්නාහිර පළාතේ භූගත ජලයේ ප්‍රමිතිය පිළිබඳව සැකයක් මතුව ඇති බවයි. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා හිරු ප්‍රවෘත්ති අංශය දුරකතන සංවාදයක නිරත වුණේ එම මණ්ඩලයේ රසායනාගාර සේවා ප්‍රධානී එච්.ඒ.කේ.අමරකෝන් සමගයි.

[MP3]s64154_3[/MP3]                                                                                 

බස්නාහිර පළාතේ ජනතාවට සිය ළිං වල ජලය, පහත ස්ථානවල පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රසායනාගාරවලින් පරීක්ෂා කර ගැනීමට හැකියාව පවතිනවා. රත්මලානේ පිහිටි ප්‍රධාන රසායනාගාරය, - කඩවත, ගණේමුල්ල පාරේ පිහිටි බටහිර උතුර රසායනාගාරය - අඹතලේ ජල පවිත්‍රාගාර රසායනාගාරය සහ කැළණිය, පට්ටිවිල ජල පවිත්‍රාගාර රසායනාගාරය ඒවායි.