ගුරුවරිය දණ ගැස්වූ හිටපු පළාත් මන්ත්‍රීට අපරාධ චෝදනා.

Thursday, 01 August 2013 - 18:58

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන හිටපු වයඹ පළාත් මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට එරෙහිව නීතිපතිවරයා විසින් හලාවත මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. නීතිපතිවරයා අද (01) සැකකරුට එරෙහිව නඩු පවරා ඇත්තේ සාපරාධි බලහත්කාරය යෙදීමේ චෝදනා මතයි. දැනට හිටපු මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ ගුරුවරියට තර්ජනය කර නඩුවට අදාළ ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන්. මේ සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව ආණමඩුව දිසා අධිකරණයේ පවතින එම නඩුව යළි මේ මස 08 වැනිදා යළි කැඳවනු ඇති. සැකකරු මෙවර පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදීම සඳහා පසුගියදා එහි නාමයෝජනා කමිටුව හමුවේ පෙනී සිටි නමුත්, හිටපු මන්ත්‍රීවරයාට මෙවර පළාත් සභා මැතිවරණයට තරග වැදීම සඳහා නාමයෝජනා ලබා නොදීමටයි එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කළේ.