ගම්පහ දේශපාලනඥයන්ට ඇමති මර්වින්ගෙන් චෝදනා.

Friday, 02 August 2013 - 18:49

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය - රතුපස්වල ඇතුළු අවට ගම්මාන කිහිපයක ජනතාව ඊයේ (01) දියත් කළ විරෝධතාවයේ දී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 50කට අධික පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙසේ වෙතත්, දේශපාලන පක්ෂ කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට අද (02) මාධ්‍ය හමු කැදවා තිබූ අතර, ඇතැම් දේශපාලන පක්ෂ පැවැත්වූ මාධ්‍ය හමු වලදී ඒ පිළිබදව ප්‍රශ්න යොමු වුණා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, අද (02) උදෑසන වැලිවේරිය ප්‍රදේශයට ගොස් ප්‍රදේශවාසීන් මුණ ගැසී සාකච්ඡා කළ අතර, පසුගිය දිනවල පැවැති විරෝධතාවය අතරතුර වැලිවේරියට පැමිණි අමාත්‍ය මර්වින් සිල්වා අද (02) කැළණිය - වනවාසල ප්‍රදේශයේ සිට මේ පිළිබදව අදහස් දක්වා සිටියා. මේ අමාත්‍ය මර්වින් සිල්වා, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ, හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්.

 
[MP3]s64292[/MP3]