වැලිවේරිය සිද්ධියට රාජ්‍ය ආයතන 26ක් මානව හිමිකම් එයි.

Saturday, 03 August 2013 - 8:08

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+26%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92.

රතුපස්වල ජල ගැටළුව මුල් කරගනිමින් වැලිවේරිය නගර මධ්‍යයේ පැවති විරෝධතාවයේදී ඇති වූ සිද්ධිය පිළිබඳව පරීක්ෂා කිරීමට මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් ඊයේ (02) එම ප්‍රදේශයට පැමිණියා. අදාළ වාර්තා පදනම් කර ගනිමින් රාජ්‍ය ආයතන 26ක් ලබන සඳුදා මානව හිමිකම් කොමිසම වෙත කැදවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ එහි කොමසාරිස් අධි නීතිඥ ප්‍රතිභා මහානාමහේවා.

 

[MP3]s64311[/MP3]

 

රතුපස්වල ප්‍රදේශයේ පානීය ජල ප්‍රශ්නයට කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් මේ වන විට ක්‍රියාත්මක බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් විධිමත් පියවර ගැනුණු බවයි එහි සඳහන් වුණේ. ඉදිරි මාස කිහිපය තුළ ප්‍රදේශයේ ජනතාවගේ ජල ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාදෙන බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

 

මේ අතර, වැලිවේරිය සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් 7 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි. එහි ප්‍රතිකාර ලබමින් සිටි වැලිවේරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා පොලිස් රෝහලට මාරු කර යැවුණා. කෙසේ වෙතත්, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන 19 හැවිරිදි තරුණයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. අනෙකුත් තුවාලකරුවන් ගම්පහ, රාගම, වතුපිටිවල සහ උඩුපිල ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

 
සිද්ධියෙන් මිය ගිය 17 හැවිරිදි තරුණයාගේ මරණය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (02) සිදුකෙරුණු අතර, එහිදී ප්‍රකාශ වුණේ වෙඩි වැදීමකින් එම මරණය සිදුව ඇති බවයි.