වැලිවේරිය සිද්ධියේ 22 ක් තවමත් රෝහලේ.

Sunday, 04 August 2013 - 12:40

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+22+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.


රතුපස්වල අවට ජනතාවට පිරිසිදු ජලය ලබාදීම රජයේ වගකීමක් බව එක්සත් භික්ෂු පෙරමුණ පවසනවා. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ එම පෙරමුණේ  සභාපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s64401[/MP3]

රතුපස්වල ජල ගැටළුව මුල් කර ගනිමින් වැලිවේරිය නගර මධ්‍යයේ පැවැති විරෝධතාවය අතරතුර තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි තවත් අයෙකු ඊයේ රාත්‍රියේ මියගියා. මියගොස් ඇත්තේ රතුපස්වල ප්‍රදේශයේ පදිංචි රවිශාන් පෙරේරා නැමති 19 හැවිරිදි තරුණයෙක්. සිද්ධියෙන් තුවාල ලැබූ තවත් හතරදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.  ඉන් තුන්දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන අතර අනෙක් පුද්ගලයා ප්‍රතිකාර ලබන්නේ රෝහලේ 79 වන වාට්ටුවේයි. තුවාල ලැබූ තවත් 13 දෙනෙකු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. රෝහලට ඇතුළත් කළ පිරිසෙන් 14 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා. තවත් දෙදෙනෙකු රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තුවාල කරුවන් තුන්දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ වතුපිටිවල රෝහලේයි.
 
මේ අතර මෙම සිද්ධියෙන් මියගිය 17 හැවිරිදි පාසල් සිසුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද වැලිවේරිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.