රතුපස්වල ජල ගැටළු මානව හිමිකම් කොමිසමට.

Monday, 05 August 2013 - 19:15

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7.

වැලිවේරියේ පසුගිය දා ඇති වූ තත්ත්වයට හේතු වූයේ ප්‍රදේශයේ පානීය ජල ගැටළුවයි. මේ නිසා ඒ පිළිබදව කරුණු විමර්ශනය කිරීමට රාජ්‍ය ආයතන 26ක් මානව හිමිකම් කොමිසම් සභාවට අද (05) කැඳවා තිබුණා. ගම්පහ දිසාපතිවරයා, ප්‍රදේශය භාර උසස් පොලිස් ප්‍රධානීන් ඇතුළු රජ්‍ය ආයතනවල නියෝජිතයන් මෙහිදී මානව හිමිකම් කොමිසම වෙත කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රදේශයේ පානීය ජල ගැටළුව විසදීමට මෙම ආයතන විසින් නිසි පියවර ගෙන තිබුණේ ද යන්නයි මෙහිදී කොමිසමේ අවදානයට ලක්වී ඇත්තේ. අදාළ ගැටළුවට විසඳුම් ලබාදීමේ දී අදාළ ආයතන අතර සම්බන්ධීකරණයක් නොතිබූ බව තහවුරු වී යැයි මානව හිමිකම් කොමිසම් සභාවේ කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා එහිදී සඳහන් කළා.

 

[MP3]s64485_1[/MP3]                                                                

 

ජලය මූලික මිනිස් අවශ්‍යතාවක්. මානව හිමිකම් කොමිසම් සභාව වශයෙන් රතුපස්වල ජනතාවට එම අයිතිවාසිකම අහිමි වූයේ ද යන්න සොයා බලන බවයි ආචාර්ය මහානාමහේවා වැඩිදුරටත් සඳහන් කළේ. ජල ගැටළුව මුල් කරගෙන වැලිවේරියේ ඇති වූ ගැටුමේ දී මානව හිමිකම් කඩවූයේ ද යන්න පිළිබදව ද ඉදිරියේ දී සොයා බැලීමට නියමිතයි. ඒ සඳහා සිවිල් සංවිධාන සහ පූජ්‍ය පක්ෂය වෙතින් කරුණු විමසීමට බලාපොරොත්තු වන බවත් ආචාර්ය මහානාමහේවා කියා සිටියා. මෙම අවස්ථාවට සහභාගි වූ බස්නාහිර - උතුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ද මාධ්‍ය වෙත අදහස් පළ කළා.  

 

[MP3]s64485_2[/MP3]                                                                          

 



වැලිවේරිය සිද්ධියේ දී ජීවිතක්ෂයට පත්වූ 19 හැවිරිදි රවිශාන් පෙරේරාගේ නිවස වෙත ඊයේ (04) රාත්‍රියේ ගිය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අදහස් දැක්වූයේ මෙලෙසින්.

 

[MP3]s64485_3[/MP3]                                                                                   

 

මේ අතර, වැලිවේරිය සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ ජනතා ව්‍යාපාරය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද (05) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.