රතුපස්වල වතුර ගැන පතල් කාර්යාංශයෙනුත් පරීක්ෂණ.

Tuesday, 06 August 2013 - 19:01

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.

ගම්පහ - වැලිවේරිය - රතුපස්වල ප්‍රදේශයේ මතුවූ ජල ගැටළු    ව පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මූලික ක්ෂේත්‍ර කටයුතු ආරම්භ කිරීම සඳහා එම ප්‍රදේශයට නිලධාරීන් කණ්ඩායමක් අද (06) පිටත්ව ගොස් පස් සාම්පල රැගෙන ආ බවයි එම කාර්යාංශය සඳහන් කළේ. ඒ පිළිබඳ අදහස් දක්වන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සෙනරත් ජයසුන්දර.

[MP3]s64553_1[/MP3]                       

මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද වැලිවේරිය සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළවුණා. එක්සත් ජාතික පක්ෂය කොළඹදී අද (06) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ ආණ්ඩුව මෙම සිද්ධියේ බරපතලකම තේරුම් ගෙන නොමැති බවයි.

[MP3]s64553_2[/MP3]                          

ජනතා විමුක්ති පෙරමුණද කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති.

[MP3]s64553_3[/MP3]

මේ අතර ජාතික සංඝ සම්මේලනයද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් වැලිවේරිය සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදී එම සම්මේලනයේ ලේකම් පූජ්‍ය දොඹගොඩ සාරානන්ද හිමියන්, වැලිවේරිය සිද්ධිය දුරදිග යාම පිළිබඳව හේතු පැහැදිළි කළා.

[MP3]s64553_4[/MP3]

වැලිවේරියේ පසුගිය දා ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා බොදුබල සේනා සංවිධානය ද කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්.

[MP3]s64553_5[/MP3]