මහනුවර මහ රෝහලේ හෘද සැත්කම් නවතී.

Wednesday, 07 August 2013 - 7:52

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%84%E0%B7%98%E0%B6%AF+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93.

මහනුවර මහ රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ සියලූම සැත්කම් ඊයේ (06) සිට තාවකාලිකව නවතා දමා තිබෙනවා. එම ඒකකයේ වෛද්‍යවරුන් විසින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීම ඊට හේතුවයි. මහනුවර මහ රෝහලේ හෘද ශල්‍ය වෛද්‍යවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත්තේ කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පුරප්පාඩුවක් අවිධිමත් ලෙස පිරවීමට බලධාරීන් පියවර ගත් බවට චෝදනා කරමින්. ජාතික රෝහලේ හෘද රෝග ශල්‍ය වෛද්‍ය පුරප්පාඩුවක් ඇති වූ විට කරාපිටිය හෝ මහනුවර රෝහල්වලින් ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙකු පත්කර යැවීම සාමාන්‍ය පිළිවෙතයි. නමුත් එම පටිපාටිය උල්ලංඝනය කරමින් පුරප්පාඩුව කණිෂ්ඨ වෛද්‍යවරයෙකුගෙන් පුරවා ඇති බවටයි වැඩවර්ජනයේ නිරත වන වෛද්‍යවරුන් චෝදනා කරන්නේ. වර්ජනය හේතුවෙන් ඊයේ (06) දිනයේදී මහනුවර මහ රෝහලේ සියළුම හෘද ශල්‍යාගාර වසා තිබුණා. දිනකට හෘද සැත්කම් 04 ක් සිදුකරන මහනුවර රෝහලේ සැත්කම් පොරොත්තු ලේඛණයෙහි රැඳී සිටින රෝගීන් සංඛ්‍යාව 6000 කට ආසන්නයි.

ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහනුවර රෝහල් ශාඛාවේ උප සභාපති විශේෂඥ ශල්‍ය වෛද්‍ය එම්.එන්.ජසීල්.

[MP3]s64571[/MP3]
 
මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ජාතික රෝහලේ හෘද සැත්කම් සාමාන්‍ය පරිදි සිදුවන බවයි. එහි වෛද්‍යවරුන් අතර, ගැටළුවක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කළා.



ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More

නීති කැඩූ අපේක්ෂකයන් හත්දෙනෙකු අත්අඩංගුවට
Wednesday, 05 August 2020 - 19:27

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික්... Read More

SF ලොක්කා ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග
Wednesday, 05 August 2020 - 19:16

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා... Read More