වාස්ගේ පුත් රවිඳු ගුණවර්ධන අත්අඩංගුවට.

Wednesday, 07 August 2013 - 13:01

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%B3%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (07) අලූයම අත්අඩංගුවට ගත්තා. පැපිලියාන ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ රවිඳු  ගුණවර්ධනයි. ඊට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියා. මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි පොලිසිය පැවසුවේ. කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රවිඳු ගුණවර්ධන කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රහස් පොලිසිය පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. රවිඳු ගුණවර්ධනට රටින් පිටවී යාම ද අධිකරණය මීට පෙර තහනම් කළේ ඔහු රටින් පිටව යාමට උත්සාහ දරන බවට රහස් පොලිසිය සිදුකළ දැනුම්දීමක් සැලකිල්ලට ගනිමින්.

මේ අතර, වෙනත් සිද්ධියකට අදාළව රවිඳු ගුණවර්ධනට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා. කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පසුගිය ජූලි 11 වැනිදායි මෙම වරෙන්තුව නිකුත් කළේ.  ඒ මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන්. 2009 අගෝස්තු මස 9 වැනිදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයාට සහ ඔහුගේ බිරිඳට චෝදනා එල්ල වී තිබුණා.
 
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඞ් සියාම් නැමැත්තා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 7 දෙනෙකු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.