ඇමති ජී.එල්. ඉන්දියාවට.

Thursday, 08 August 2013 - 12:46

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මේ මස 18 වැනිදා ඉන්දියාවේ සංචාරයක නිරත වන බවට නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණා. ඒ, ලබන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන ලෙස ඉන්දියාවට ආරාධනා කිරීම සඳහායී. අමාත්‍ය ජී.එල්. පීරිස්, ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං හමුවී මෙම නිල ආරාධනාව භාරදීමට නියමිතයි. ඊට අමතරව මෙම හමුවේදී ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව සහ උතුරු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද සාකච්ඡා පවත්වනු ඇති බවයි එම වෙබ් අඩවිය සඳහන් කළේ.

මේ අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා සහභාගීවන ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් නොවන චීනයටද ආරාධනා කර තිබෙනවා. චීනය මෙරට සංවර්ධන ව්‍යාපෘතීන් රැසකට ආධාර ලබාදෙන රටක්. විශේෂයෙන් රාජ්‍ය නායක සමුළුවට පෙර ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලීය ආර්ථික සමුළුවට එක්වන ලෙස චීනයට ලක් රජය ආරාධනා කර ඇති බව සඳහන්.
 
ලබන නොවැම්බරයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව ලෝකයට අදහසක් ලබාගැනීමට ඇති හොඳම අවස්ථාවක් බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව බ්‍රිතාන්‍යයේ පැවති ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින්.