පොලිස් රාජකාරියට බාධා කළැයි වැල්ලවාය සභාපතිට චෝදනා.

Thursday, 08 August 2013 - 12:49

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ හේතුව මත වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව වැල්ලවාය පොලිසිය පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහණ වන්නිආරච්චි ඊයේ (07) වැල්ලවාය නගරාසන්නයේ රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කර ඔවුන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කර තිබෙනවා. මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා වැල්ලවාය පොලිසියටයි අනුයුක්තව සේවය කරන්නේ. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්වරයා සහ තවත් පුද්ගලයෙකුට එරෙහිවයි පොලිසිය රාජකාරීය සිදුකර ඇත්තේ. නමුත් රාජකාරිය සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තම රාජකාරියට බාධා කරමින් තර්ජනය කළ බවයි එම පොලිස් නිලධාරීන් පවසන්නේ.

කෙසේ වෙතත්, මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහන වන්නිආරච්චිගෙන් විමසීමක් කළා.

 
[MP3]s64660[/MP3]

 



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More