වැලිවේරිය සිදුවීම ගැන සාක්ෂි 05 ක් අධිකරණයට.

Thursday, 08 August 2013 - 12:56

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+05+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.

වැලිවේරිය සිද්ධියේදී මියගිය තුන් දෙනාට අදාළව සාක්ෂි 05 ක් කැඳවන බව කොළඹ අපරාධ කොට්ඨාසය ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද (08) කැඳවූ අවස්ථාවේදීයී. මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ ආරම්භ වුණා.

පසුගිය පළමු වැනිදා වැලිවේරිය නගරයේ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව අතරින් සාක්ෂි 04 ක්ද, එක් පොලිස් සාක්ෂියක්ද ඉදිරිපත් කරන බවයි කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඞී.ආර්.ඩබ්ලිව්. රණවීර අධිකරණයට අද දැනුම් දුන්නේ. මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා අධ්‍යක්ෂවරයා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන් කණ්ඩායමක් අද ගම්පහට පැමිණ සිටිනවා.

වැලිවේරිය සිද්ධිය පිළිබඳ නඩුව සුවිශේෂී නඩු කටයුත්තක් වන නිසා අද දින ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතව තිබූ පොලිස් ස්ථාන කිහිපයකට අදාළ නඩු රැසක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමටද තීරණය කෙරුණා.