මන්මෝහන්ට, කරුණානිධිගෙන් කොන්දේසි.

Friday, 09 August 2013 - 7:50

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%2C+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92.

කරුණානිධිගේ දෙමළ ඊලාම් සහයෝගිතා සංවිධානය නොහොත් ටෙසෝ සංවිධානය චෙන්නායිහි දී ඊයේ (08) ශ්‍රී ලංකා විරෝධී උද්ඝෝෂණයක නිරත වුණා. එහිදී ඔවුන් සැබවින්ම ආමන්ත්‍රණය කළේ ඉන්දීය කොංග්‍රස් රජයටයි. නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන ලෙස කරුණානිධිගේ අනුගාමිකයන් එහිදී ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියා.

 

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලූ සම්බන්ධයෙන් මන්මෝහන් සිං රජය නිහ`ඩව සිටින බවටයි ඔවුන් එහිදී චෝදනා කළේ. චෙන්නායිහි පමණක් නොව තිරුචිරාපල්ලි, මදුරෙයි, තාන්ජවූර්, නාගපට්ටිනම්, තිරුනන්වේලි, කොයිම්බත්තූර් සහ සාලෙම් යන ප්‍රදේශවල ද මෙලෙස ටෙසෝ අනුගාමිකයන්ගේ විරෝධතා පැවැත්වී තිබෙනවා.

 
ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අත්අඩංගුවට පත් වන ඉන්දීය ධීවරයන් වහා මුදා ගැනීමට කටයුතු කළ යුතු බවයි ඔවුන් එහිදී කියා සිටියේ. එමෙන්ම, 1987 රජිව් ගාන්ධි - ජේ.ආර්. ජයවර්ධන, ගිවිසුම අනුව, බිහිවූ ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය දියාරු කිරීමට ලක් රජයට කිසිසේත්ම අවස්ථාවක් ලබානොදිය යුතු බව කරුණානිධිගේ අනුගාමිකයන් එහිදී ප්‍රකාශ කළා.