රාමසාන් උත්සවය බැතියෙන් සමරයි.

Friday, 09 August 2013 - 7:55

%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ඉස්ලාම් භක්තිකයන් ඉමහත්, ගෞරවයෙන් යුතුව සමරන රාමසාන් උත්සවය අදට (09) යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉස්ලාම් භක්තිකයන් වෙත සිය සුබ පැතුම් එක් කරනු ලබනවා. එමෙන්ම ජනාධිපතිවරයා සඳහන් කරන්නේ  සාමකාමී වාතාවරණයක් තුළ සිය ආගමික වතාවත් බාධාවකින් තොරව ඉටු කිරීමට මුස්ලිම් ප්‍රජාවට අවස්ථාව ලැබීම පිළිබඳ ඔවුන් සතුටට පත්වන බවයි. එමෙන්ම මෙරට ප්‍රගමනය සඳහා මුස්ලිම් ප්‍රජාවගේ දායකත්වය පිළිබඳව සිහිපත් කිරීමට රාමසාන් උත්සවය වටිනා අවස්ථාවක් බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

 

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නද රාමසාන් උත්සවය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉස්ලාම් භක්තිකයන්ට සිය සුභාශිංසන පිරිනමනු ලබනවා. විශේෂයෙන්ම ආගමානුකූලව ජීවත් වෙමින් මෙරට ආර්ථිකය සංවර්ධනය කිරීමට මුස්ලිම් ප්‍රජාව දක්වන දායකත්වය ඉමහත් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.  තිස් වසරක් පැවති බිහිසුණු ත්‍රස්තවාදය තුරන් කර ඇති බැවින් මුස්ලිම් ප්‍රජාවට සාමකාමී සමාජයක් තුළ ජීවත්වීමේ අවස්ථාව රජය සළසා ඇති බවද සිය නිවේදනය මගින් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න සඳහන් කළා.

 
මේ අතර රාමසාන් උත්සවය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉස්ලාමීය බැතිමතුන්ට සිය සුබපැතුම් එක් කරනු ලබනවා. උපවාසයේ යෙදීමෙන් ඉස්ලාම් බැතිමතුන් ලබාගන්නා ඉවසීම, කරුණාව සහ සහෝදරත්වය ලෝකයට ලබාදිය හැකි යහපත් ගුණාංග බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. එබැවින් එම ගුණාංග ලොව පුරා පැතිර යනු දැක්ම සිය ඒකායන අපේක්ෂාව බවද විපක්ෂ නායකවරයා සිය නිවේදනයේ සඳහන් කළා.



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More