විශේෂ තේරීම්කාරක සභාව ජනතාවගෙන් වාචිකවත් කරුණු විමසයි.

Friday, 09 August 2013 - 13:09

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80++%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B7%92%E0%B6%9A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92.


ජාතික ගැටලූව විසඳීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 21 සහ 22 යන දිනයන්හිදී රැස්වී ජනතාවගෙන් වාචිකව කරුණු විමසීමට තීරණය කර තිබෙනවා. ලබන 15 වැනිදා දක්වා කොමිසම වෙත ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද සලසා ඇති බවයි මෙම විශේෂ කාරක සභාවේ ලේකම්වරයා වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල ප්‍රකාශ කළේ.

[MP3]s64732[/MP3]                                                   


ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කර වාර්තා කිරීම සඳහායි ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ කාරක සභාව පත් කරනු ලැබුවේ. එහෙත්, මෙම විශේෂ කාරක සභාව සඳහා විපක්ෂයේ නියෝජිතයින් සහභාගි වන්නේ නැහැ. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සභාපතිත්වය දරන විශේෂ කාරක සභාව පසුගිය බදාදා දිනයේදී ද රැස්වුණා. එහිදී තීරණය වී ඇත්තේ විශේෂ කාරක සභාව නැවත රැස්වන මේ මස 21 වැනිදා සහ 22 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කර ගත් යෝජනා දෙක පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

පළාත් සභා දෙකක් හෝ කිහිපයක් ඒකාබද්ධ කිරීම කළ නොහැකිවීම සහ සියලූ පළාත් සභාවල එකඟතාව වෙනුවට බහුතර පළාත් සභාවල එකඟතා මත තීරණ ක්‍රියාත්මක කිරීම යන එම සංශෝධන දෙකට කැබිනට් මණ්ඩලයේ මෙන්ම නැගෙනහිර පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභාවල අනුමැතිය ද මේ වනවිට හිමිව තිබෙනවා.