හපුතලේ ළදරුවන් දෙදෙනෙකු ළිඳට වැටී මරුට.

Friday, 09 August 2013 - 18:48

%E0%B7%84%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B7%85%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

වැඩිහිටියන්ගේ නිසි පරීක්ෂාවක් නොමැතිවීම නිසා දරුවන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි වූ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට අද (09) පස්වරුවේ වාර්තාවුණා. ඒ, හපුතලේ - පිටරත්මල වත්තෙන්.

එම වත්තේ පදිංචි වයස අවුරුදු දෙකක සහ එකහමාරක අසල්වැසි පිරිමි දරුවන් දෙදෙනෙකු ළිං දෙකකට ඇද වැටී අද (09) පස්වරුවේ මෙලෙස මියගොස් තිබුණා. මෙම දරුවන් දෙදෙනා පදිංචිව සිටියේ පිටරත්මල වත්තේ උඩ කොටසේ සහ පහළ කොටසේ නිවෙස්වලයි. සදීශ් කුමාර් නැමති වයස අවුරුදු දෙකක දරුවා වත්තේ පහළ කොටසේ නිවසක පදිංචිකරුවෙකු වන අතර එම දරුවාගේ මව සහ පියා වතු සේවකයන්. දරුවාගේ සීයා සමග නිවසේ රැඳී සිටියදි අසල ළිඳකට වැටී මෙම දරුවා මියගොස් තිබෙනවා. ඒ පිළිබදව වත්තේ ඉහළ කොටසේ පදිංචි නිවසට ද තොරතුරු ලැබුණා. එහි සිටි වයස අවුරුදු එකහමාරක දරුවාගේ මව ද වතු සේවිකාවක් වන අතර, පියා මව හැර ගොස් ඇති නිසා දරුවා පසුවන්නේ මිත්තණිය භාරයේයි.

 
පහළ කොටසේ දරුවා ළිදට වැටී මිය ගිය පුවත ලැබෙන මොහොතේ මිත්තණිය සිය නිවසේ ළිඳ අසළ මෙම කුඩා දරුවා නහවමින් සිටියා. ඇය වත්ත පහළ කොටසට දිව ගියේ කුඩා දරුවා ළිඳ අසළ රැඳී සිටියදියි. ටික වේලාවකින් ගම්වැසියන්ට දැන ගන්නට ලැබුණේ සුදර්ශ් නැමති වයස අවුරුදු එක හමාරක මෙම පිරිමි දරුවා ද ළිදට වැටී මිය ගොස් ඇති බවයි. මේ වනවිට දරුවන් දෙදෙනාගේ මෘත ශරීර හපුතලේ රෝහලේ තැන්පත් කර තිබෙනවා.