ඉන්දියාවෙන් න්‍යෂ්ටික සබ්මැරීනයක්.

Saturday, 10 August 2013 - 12:52

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B6%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



 

ඉන්දියාව සිය ප්‍රථම න්‍යෂ්ටික සබ්මැරීනය ඊයේ (09) බලගන්වා තිබෙනවා. අයි එන්.එස්. අරිහාන්ත් ලෙස නම් කර ඇති මෙම සබ්මැරීනය ඉන්දීය ආරක්ෂක සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ නවතම පර්යේෂණය ලෙසයි නිපදවා ඇත්තේ. ඉදිරියේදී මෙය ඉන්දීය සාගරයේදී තවත් පර්යේෂණ කිහිපයකට ලක් කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන් අනතුරුව ඉන්දීය නාවික හමුදාව යටතේ මෙම න්‍යෂ්ටික සබ්මැරීනය සේවයේ යොදවනු ඇති. ගුවනින්, ගොඩබිමින් සහ මුහුදින් සිය න්‍යෂ්ටික බලය ශක්තිමත් කිරීමේ වැඩපිලිවෙල යටතේයි ඉන්දියාව මෙම න්‍යෂ්ටික සබ්මැරීනය නිපදවීමට සිය අවධානය යොමුකළේ. මේ වනවිට ලොව න්‍යෂ්ටික සබ්මැරීන භාවිතා කරන රුසියාව, ඇමරිකාව, ප්‍රංශය, චීනය සහ එක්සත් රාජධානිය යන රටවල් අතරට ඉන්දියාවද එක්වී තිබෙනවා. මෙම න්‍යෂ්ටික සබ්මැරීනය මෙහෙයුම් කටයුතු සඳහා  මධ්‍යදුර මිසයිල භාවිතා කරන බවයි වාර්තාවන්නේ.