ජයලලිතා කිඹුල් කඳුළු හෙළන්නියක්.

Saturday, 10 August 2013 - 12:36

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් ශ්‍රී ලාංකීය දෙමළ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන බව ඞී.එම්.කේ. පක්ෂයේ නියෝජ්‍ය නායක එම්.කේ. ස්ටාලින් පවසනවා. චෙන්නායි නුවර පැවැති උද්ඝෝෂණයකට සහභාගි වෙමිනුයි ඔහු මේ බව එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ. වරක් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් අත්අඩංගුවට ගත යුතු බවට ප්‍රකාශ කළ ජයලලිතා මේ වන විට දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් කතා කිරීම විහිලූසහගත බවයි එම්.කේ. ස්ටාලින් පෙන්වා දෙන්නේ. තමිල්නාඩු මහඇමතිනිය තමන්ගේ බලය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව පලිහක් ලෙස යොදා ගන්නා බවට ද ඔහු චෝදනා කරනවා. එම්.කේ. ස්ටාලින් ඞී.එම්.කේ පක්ෂ නායක කරුණානිධිගේ පුත්‍රයායි.

 
මේ අතර, ලබන නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන ලෙස තමන් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින බව ද ඞී.එම්.කේ. පක්ෂය මීට පෙර ප්‍රකාශ කර තිබුණා. කෙසේ වුවත් ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් ඉන්දීය රජය ගෙන ඇති තීරණයේ වෙනසක් සිදුනොවනු ඇති බවයි.