සන්ධාන, එජාප මහ රැළි සැප්තැම්බරයේදී.

Saturday, 10 August 2013 - 12:39

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%2C+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93.

එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සිය ප්‍රචාරක ව්‍යාපාරයන් ආරම්භ කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ වනවිට බිම් මට්ටමින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ නායකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැලි මාලාවේ පළමුවැන්න ලබන සැප්තැම්බර් 2 වැනිදා කුරුණෑගල - මාළිගාපිටිය ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති. පක්ෂයේ සාංවත්සරික උත්සවයට සමගාමීව මෙම ජන රැලිය පැවැත්වෙන බවයි පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ.

[MP3]s64807_1[/MP3]

මේ අතර එක්සත් ජාතික පක්ෂයද සිය ප්‍රචාරක ව්‍යාපාරය මේ වනවිට ඡුන්දපොල මට්ටමින් ආරම්භ කර තිබෙනවා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැලි ලබන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කරන බවයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සඳහන් කළේ.

[MP3]s64807_2[/MP3]

උතුරු මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණ සඳහා සිය පක්ෂය මේ වනවිට පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ කියා සිටිනවා. ගෙයින් ගෙට යාමෙන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේ.

[MP3]s64807_3[/MP3]                              

කෙසේ වුවත් දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් පවත්වන ප්‍රධාන රැලි ආරම්භ කරන දිනය මෙතෙක් තීරණය කර නැහැ. සිය නායක ආර්. සම්බන්ධන් දිවයිනෙන් බැහැරව සිටින බැවින් ඔහුගේ පැමිණීමෙන් අනතුරුව යාපනය නගරයෙන් එහි පළමු රැලිය ආරම්භ කරන බවයි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s64807_4[/MP3]                                  

මේ අතර පළාත් සභා මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ සිද්ධීන් 31ක් වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ ඉන් බහුතරය රාජ්‍ය දේපළ පරිහරණයට අදාළව ලැබී ඇති බවයි.

[MP3]s64807_5[/MP3]