ජල නළයක් පුපුරා කොළඹ ප්‍රදේශ රැසකට වතුර නැහැ.

Saturday, 10 August 2013 - 12:40

%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B1%E0%B7%85%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.


අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල ප්‍රදේශය දක්වා ජලය රැගෙන යන ප්‍රධාන ජල නලයක් පුපුරායාමෙන් ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා. අද (10) උදෑසන මුල්ලේරියාව - ආරලිය හන්දියේදී මෙම හදිසි බිඳ වැටීම සිදුව ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළේ. මේ හේතුවෙන්, හෙට (11) අලූයම 5 දක්වා කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව, බොරැල්ල, බෞද්ධාලෝක මාවත, ජාවත්ත, තුංමුල්ල, හැව්ලොක් පාර යන ප්‍රදේශවලට සහ තිඹිරිගස්යාය, පොල්හේන්ගොඩ, පාමංකඩ, වැල්ලවත්ත, බම්බලපිටිය සහ කිරුළපන සිට නුගේගොඩ මංසන්ධිය දක්වා ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. දෙහිවල - ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශයට අයත්, කළුබෝවිල, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, සොයිසාපුර, තෙලවල, අත්තිඩිය සහ බඩෝවිට ප්‍රදේශවලට සැපයෙන ජලය ද අත්හිටුවා ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ. මීට අමතරව, කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොහිලවත්ත, උඩුමුල්ල සහ හිඹුටාන යන ප්‍රදේශවලට ද හෙට අලූයම 5 දක්වා ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රංජිත් පෙරේරා.

[MP3]s64808[/MP3]