හල්දුම්මුල්ලෙන් වසර 5000 ක ඉතිහාසයක් මතුවේ.

Saturday, 10 August 2013 - 19:03

%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5000+%E0%B6%9A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

දඩයම් යුගයේ ජීවත් වූ මානවයන් කෘෂිකාර්මික යුගයට පරිවර්තනය වීම හෙළි කෙරෙන සාක්ෂි රැසක් බදුල්ල - හල්දුමුල්ල - වෑඑළිය ප්‍රදේශයේ ගල් ගුහාවක සිදුකළ කැණිම්වලදී සොයාගෙන තිබෙනවා. කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිසක් මෙම ස්ථානයේ සිදුකළ පරීක්ෂණවලින් අනතුරුවයි මෙම පුරාවස්තු සොයාගෙන ඇත්තේ. වසර 5000 ක් පමණ ඉතිහාසය කියාපාන මැටි වළං කිහිපයක කැබලි, ධාන්‍ය අඹරා ගැනීමට යොදා ගත් ගල් හා අත්ගල් ද ගිනි දැල්වීමට භාවිතා කළ සිදුරු සහිත ගල් ද හමුවී ඇති මෙම ගුහාව හැඳින්වෙන්නේ හුණුගලාගල ගුහාව නමින්. කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව කියා සිටියේ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ කිරීමට බලාපොරොත්තු වන බවයි.
 
[MP3]s64825[/MP3]