මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 67 ක්.

Saturday, 10 August 2013 - 19:11

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+67+%E0%B6%9A%E0%B7%8A.

වයඹ, මධ්‍යම, උතුරු පළාත් සභා මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 67 ක් ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය අද (10) ප්‍රකාශ කළා. ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 15 ක්. කිලිනොච්චිය සහ වව්නියාව දිස්ත්‍රික්කවලින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි එක බැගින් වාර්තා වී තිබෙනවා.

මහනුවර, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කය අයත් මධ්‍යම පළාතෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 26 ක් වාර්තා වී තිබෙනවා. වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 28 ක්. යාපනය, කිලිනොච්චිය, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක අයත් උතුරු පළාතෙන් වාර්තා වී ඇති මැතිවරණ නීති කඩ කිරීම් සංඛ්‍යාව 13 ක්.

කෙසේ වෙතත්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ලෙස හඳුන්වන්නේ කවර කාරණා ද යන්න සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චිගෙන් විමසා සිටියා.

[MP3]s64827_1[/MP3]      

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය සඳහන් කළේ නාමයෝජනා භාර දුන් පසු සීඝ්‍රලෙස මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඉහළ යමින් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්.

[MP3]s64827_2[/MP3]