ගෙන් ගෙට යෑම ගැන විපක්ෂ නායකවරයාගෙන් පාඩමක්.

Sunday, 11 August 2013 - 7:40

%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%A7+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

දැනුවත් කිරීම් ඔස්සේ රාජ්‍ය දේපළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කිරීම වැළැක්වීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. පළාත් සභා මැතිවරණයට අදාළව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ දේශපාලන ප්‍රබලයින්ට ඥාතීත්වයක් දක්වන පළාත් සභා අපේක්ෂකයින් රාජ්‍ය දේපළ අනිසි ලෙස මැතිවරණ ව්‍යාපාරය සඳහා භාවිත කරන බවයි. විශේෂයෙන්ම වයඹ සහ මධ්‍යම පළාතේ රාජ්‍ය දේපළ අනිසි ලෙස භාවිත කිරීම ඉහළ ගොස් ඇති බවට එම සංවිධාන චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පළ කළේ මෙවන් අදහසක්.

[MP3]s64840_1[/MP3]

මේ අතර මෙවර පළාත් සභා මැතිවරණය, විරුද්ධත්වය ප්‍රකාශ කිරීමේ මැතිවරණයක් බවට පත්කර ගැනීමට සියළු පාර්ශව එක්විය යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. මහනුවර ප්‍රදේශයේ ඊයේ (10) පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.

[MP3]s64840_2[/MP3]

එහෙත් මහනුවර පැවති රැස්වීමකදී අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ප්‍රකාශ කළේ අවසන් තීරණය ජනතාව සතු බවයි.
 
[MP3]s64840_3[/MP3]