තාවකාලික හැඳුනුම්පත් සැප්තැම්බර් 3 දක්වා.

Sunday, 11 August 2013 - 12:40

%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+3+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමට අදාළව දැනට හැඳුනුම්පත් නොමැති ඡන්දදායකයන් සඳහා තාවකාලික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය සැප්තැම්බර් මස 3 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ තාවකාලික හැඳුනුම්පත් ලබාගැනීමට අවශ්‍යකරන ඡන්දදායකයින් ප්‍රදේශයේ ග්‍රාමනිලධාරිවරයා මාර්ගයෙන් ඊට අදාළ අයදුම්පත් ලබාගත හැකි බවයි. 2011 වසරේ පවත්වන ලද ඡන්ද විමසීම් සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් හෝ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත් වලංගු බව මැතිවරණ කාර්යාලය ප්‍රකාශ කළා.

එහෙත්, 2008 - 2009 සහ 2010 වර්ෂවලදී පවත්වනු ලැබූ ඡන්දවිමසීම් සඳහා නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත් මෙවර මැතිවරණය සඳහා වලංගු වන්නේ නැහැ. දැනට මෙම ඡන්ද විමසීම සඳහා වලංගු හැඳුනුම්පත් වන්නේ ජාතික හැඳුනුම්පත, ගමන්බලපත්‍රය, රියදුරු බලපත්‍රය, විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත සහ පූජ්‍ය - පූජක හැඳුනුම්පත පමණයි.

මේ අතර, නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු පිළිබඳව තම අපේක්ෂකයන් දැනුවත් කරන්නැයි පැෆ්රල් සංවිධානය දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ වනවිට ඇතැම් ප්‍රදේශවල නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු ඉහළ ගොස් ඇති බවයි.

[MP3]s64861_1[/MP3]      

මේ අතර, එක්සත් ජාතික පක්ෂය පවසන්නේ මෙවර පළාත් සභා මැතිවරණයේදී ඡන්දපොල දිනවීම සඳහා තම පාක්ෂිකයන් කටයුතු කළ යුතු බවයි. ඒ පිළිබඳව මහනුවර ඊයේ (10) පැවති රැස්වීමකදී අදහස් දැක්වු එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක.
 
[MP3]s64861_2[/MP3]