ඉන්දීය ධීවරයින්ගේ නිදහස අධිකරණ තීන්දුවෙන් පසුවයි. - රජය.

Sunday, 11 August 2013 - 13:00

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA.

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් නිදහස් කරන ලෙස ඉන්දීය මධ්‍යම රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව, දැනට මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉන්දීය ධීවරයින් 114 දෙනෙකු නිදහස් කරන ලෙසයි ඔවුන් ලක් රජයෙන් ඉල්ලා ඇත්තේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගමගෙන් විමසීමක් කළා. ලේකම්වරයා කියා සිටියේ අදාළ ධීවරයන් සම්බන්ධයෙන් ලක් රජය සානුකම්පිතව කටයුතු කරන බවයි. එහෙත්, අධිකරණ කටයුතුවලින් ලබාදෙන තීන්දු ඉදිරියේදී ඉන්දීය රජයට දැනුම් දෙන බවයි ඔහු සඳහන් කළේ.
 
මේ අතර, තමිල්නාඩුවේ නාගපට්නම් ප්‍රදේශයේ ගම්මාන 8 ක ජනතාව ඊයේ සිට උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත්තේ මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලායි. ඔවුන් ප්‍රකාශ කරන්නේ එම ධීවරයින් නිදහස් කර ගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජය කටයුතු නොකළහොත්, ඔවුන් ශ්‍රී ලංකාවේ සරණාගතයින් වනු ඇති බවයි. එමෙන්ම, ලබන 21 වැනිදා අදාළ ධීවරයින් නිදහස් කිරීමට කටයුතු නොකළහොත්, සුදු කොඩි ඔසවාගෙන යාත්‍රා 400 කින් පමණ ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙන බවයි එම ධීවරයින් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.