ජාත්‍යන්තරයට යාමට සිදුවන බව TNA කියයි.

Sunday, 11 August 2013 - 18:46

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+TNA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

පළාත් සභා සඳහා රජය පැහැදිලි විසඳුමක් ලබානොදෙන්නේ නම් ඒ පිළිබඳව ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා කිරීමට සිදුවන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එම සන්ධානයෙන් උතුරු පළාත් මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක සී.වී විග්නේෂ්වරන් මේ බව සඳහන් කළා. ඔහු මෙම අදහස් පළ කළේ කිලිනොච්චියේ දී අද (11) පැවැති උත්සවයකට එක්වෙමින්.

 
[MP3]s64888_1[/MP3]

 

එක්සත් ජාතික පක්ෂ රජයක් පැවතුනේ නම්, විදුලිබිල අඩු කිරීමට හැකිව තිබූ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. ඊයේ (10) මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

 

[MP3]s64888_2[/MP3]                                                        

 

මේ අතර, ජාතිය, ආගම් භේද සලකා ඡන්දය ලබා නොදිය යුතු බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න පවසනවා. පුස්සැල්ලාව නගරයේ අද (11) පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වඩාත් වැදගත් වන්නේ ඡන්දය ලබාදෙන පුද්ගලයාගේ හැකියාව හා සුදුසුකම බවයි.

 

[MP3]s64888_3[/MP3]