ග්‍රෑන්ඞ්පාස් පොලිස් බල ප්‍රදේශයට යළිත් පොලිස් ඇඳිරි නීතිය.

Sunday, 11 August 2013 - 18:51

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA.

කොළඹ - ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේ ඊයේ (10) දෙපිරිසක් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් ග්‍රෑන්ඞ්පාස් පොලිස් බල ප්‍රදේශයට අද (11) දිනයේත් පස්වරු 6 සිට හෙට උදෑසන 7 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන පවසනවා. මෙහිදී නීතිය හා සාමය ආරක්ෂා වන අයුරින් කටයුතු කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

 

මේ අතර, ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (11) පස්වරුවේ ආගමික කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක.

 

[MP3]s64890[/MP3]