රන් භාණ්ඩ සැකය දුරදිග යයි. ප්‍රහාරයකින් අයෙක් මරුට. 3 කට තුවාල.

Monday, 12 August 2013 - 13:12

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.++3+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.

තංගල්ල - දංකැටිය ප්‍රදේශයේ එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනාට ඊයේ රාත්‍රියේ තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මව, පියා සහ තවත් එක් පුතෙකු කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ. පියාගේ තත්ත්වය බරපතල බවද කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියා.

රන් ආභරණ සොරකමක් පිළිබඳව ඇතිවූ සැකයක් මත මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙසේ පහරකෑමට ලක්වූ නිවසේ මීට පෙර රන් භාණ්ඩ සොරකමක් සිදුව තිබෙනවා. ඊට සම්බන්ධ බවට සැකපිට ප්‍රදේශයේම තවත් පවුලකට එරෙහිව පහරකෑමට ලක්වූවන් දේව කන්නලව්වක් කර ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. ඊට උරණවූ එම පිරිස අදාළ පහරදීම සිදුකර ඇති බවට සැක කරන බවද අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියා.
 
සිද්ධියෙන් බරපතල තුවාල ලබා මියගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක එක් පුතෙක් වන අතර බරපතල තත්ත්වයේ පසුවන 54 හැවිරිදි පියා තංගල්ල සමූපකාර සමිති නිලධාරිවරයෙකු වනවා. තුවාල ලැබූ 50 හැවිරිදි මව ගුරු වෘත්තියේ නියැලෙන අතර අනෙක් පුත්‍රයා තවමත් ඉගෙනුම ලබන බවයි වාර්තාවන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර තංගල්ල පොලීසිය මේ වනවිට පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.