දකුණු කොළඹ වරාය නැරඹීමට මිලියන 3ක ජන ගඟක්.

Monday, 12 August 2013 - 19:19

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+3%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9C%E0%B6%9F%E0%B6%9A%E0%B7%8A.

කොළඹ දකුණු වරායේ ජාත්‍යන්තර බහාලූම් අංගනය සහ දියකඩනය නැරඹීම සඳහා අද (12) දිනය වන විට මිලියන 3කට අධික ජනතාවක් පැමිණි බව වරාය අධිකාරිය පවසනවා. එම අධිකාරියේ සන්නිවේදන සහ මහජන සම්බන්ධතා අංශයේ නියෝජ්‍ය ප්‍රධාන කළමනාකරු නලීන් අපෝන්සු සඳහන් කළේ වරාය නැරඹීම සඳහා පැමිණි එම ජනතාව වාහන 40,000ක් පමණ වරායට ඇතුළු වූ බවයි. දකුණු කොළඹ වරාය පසුගිය 8 වන දා සිට ජනතාවට නැරඹීමට අවස්ථාව ලබා දුන් අතර එය හෙටින් අවසන් වනවා. අද දිනයේ වරාය නැරඹීමට පැමිණි ජනතාව අතරින් කිහිප දෙනෙක් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වුවා.

 
[MP3]s64937[/MP3]


මේ අතර, දකුණු කොළඹ වරාය නැරඹීම සඳහා අද (12) දිනයේ විශාල ජනතාවක් පැමිණීම හේතුවෙන් කොළඹ නගරයේ අද (12) උදෑසන සිට දැඩි වාහන තදබදයක් ඇති වුණා. මේ වන විටත් කොළඹ නගරයෙන් පිටත්වන මාර්ග කිහිපයක වාහන තදබදයක් පවතින බවයි රථවාහන පොලීසිය සදහන් කළේ. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි රථ වාහන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.