බස් ගාස්තු වැඩිකිරීමේ අයිතිය රජයටයි.

Monday, 12 August 2013 - 19:27

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7%E0%B6%BA%E0%B7%92.

බස් හිමියන් හා බස් සංගම්වල සේවා වියදම් සඳහා සහන ලබාදෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති රොශාන් ගුණවර්ධන කියා සිටියේ ලබන 15 වන දා සිට මෙම සහනාධාර ලබාදීමට පියවර ගන්නා බවයි. කොළඹ අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

[MP3]s64939_1[/MP3]

කෙසේ වෙතත්, පෞද්ගලික බස් ගාස්තු සැප්තැම්බර් 1 වැනිදා සිට සියයට 10 කින් වැඩි කිරීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද (12)  ප්‍රකාශ කළා. එහි  සභාපති ගැමුණු විජේරත්න මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s64939_2[/MP3]

කෙසේ වෙතත්, බස් ගාස්තු ඉහළ නැංවීම පිළිබඳ බලය ඇත්තේ රජයට පමණක් බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොශාන් ගුණවර්ධන කොළඹ අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ.

  [MP3]s64939_3[/MP3]