වේ - ප්‍රෝටීන් වෙළෙඳපලෙන් ඉවතට.

Monday, 12 August 2013 - 19:31

%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%A7%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B6%B4%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

කිරිපිටි සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය මරේ මැකුලි මෙරටට පැමිණීමට නියමිත බව නවසීලන්ත මාධ්‍ය අද (12) වාර්තා කළා. ඔහු මේ වන විට චීනයේ සංචාරයක නිරත අතර ඉන් අනතුරුවයි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය විසින් පසුගිය කාලයේදී කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ නවසීලන්තයෙන් ගෙන්වන ඇතැම් කිරිපිටිවල ඞී.සී.ඞී රසායනිකය අඩංගු බවයි.

කෙසේ වෙතත්, අදාළ පරීක්ෂණ විධිමත්ව කිරීමට මෙරට තාක්ෂණික සම්පත් නොමැති බව නවසීලන්ත බලධාරීන් පෙන්වා දෙනවා. එසේම නවසීලන්ත ගොවීන් එම රසායනික ද්‍රව්‍ය භාවිතය පසුගිය වසරේ සිට නවතා ඇති බවයි එරට බලධාරීන් කියා සිටියේ.

ඒ අනුව තාවකාලිකව නරත කර ඇති කිරිපිටි ආනයනය සම්බන්ධයෙන් නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා කරනු ඇති බව එරට අග්‍රාමාත්‍ය ජෝන් කී ප්‍රකාශ කළා. නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේදී නවසීලන්ත කිරිපිටි සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලූව කුමක්දැයි වටහා ගැනීමට සිය රජය තවදුරටත් උත්සාහ කරන බවයි. නවසීලන්තයේදී සිදුකරන ලද පරීක්ෂණවලට අනුව, එම කිරිපිටිවල අඩංගු ඞී.සී.ඞී. ප්‍රතිශතය ඉතා පහළ මට්ටමක පවතින බව විදේශ අමාත්‍ය මරේ මැකුලි සඳහන් කළා. තමා ශ්‍රී ලංකාවේ සංචාරය කොට එම තත්ත්වය පැහැදිලි කර ගැනීමට අපේක්ෂා කරන බවත්, ඔහු කියා සිටියා.

මීට පෙර කිරිපිටි සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව කරුණු විමසීම සඳහා නවසීලන්ත මහකොමසාරිස් ජෑන් හෙන්ඩර්සන් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක ද හමුවුණා.

මේ අතර, ආනයනික ඇතැම් කිරිපිටි සම්බන්ධයෙන් වෙළද දැන්වීම් ප්‍රචාරණය ද මේ වන විට අධිකරණ නියෝගයක් මගින් සීමාවක් පනවා තිබෙනවා.  

පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ෆොන්ටෙරා සමාගම, මැලිබන් කිරි නිෂ්පාදන සමාගම මෙන්ම පී.එම්. මොහොමඞ් අලි සහ සමාගම ගෙන්වන ඇතැම් කිරිපිටි නිෂ්පාදනයන්හි ඞී සී ඞී හෙවත් ඩයසයිනමයිඞ් අඩංගු බවයි. ඒ හේතුවෙන් එම සමාගම්වල ඇතැම් කිරිපිටි තොග වහාම වෙළඳපලෙන් ඉවත්කරගන්නා ලෙසද අදාළ වෙළඳ සමාගම් වෙත දැනුම් දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සිය නිවේදනයෙන් සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනුම් දීමට අනුව සිය නිෂ්පාදන කාණ්ඩ දෙකක් වෙළඳපලෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව ෆොන්ටෙරා සමාගමේ විද්‍යා නියාමන කටයුතු පිළිබඳ සහය අධ්‍යක්‍ෂ ආචාර්ය සනත් මහවිතානගේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.  

[MP3]s64940_1[/MP3]

මේ අතර, වේ - ප්‍රෝටීන් අඩංගු සියලූම කිරිපිටි පමණක් නොව අමතර පෝෂණීය ආහාර ද්‍රව්‍ය ද නැවත දැනුම්දෙනතුරු වෙළඳපොලෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලූම නිෂ්පාදන සමාගම්වලට සහ අලෙවිකරුවන්ට දැනුම්දී තිබෙනවා. ක්ලොස්ටි‍්‍රඩියම් බොටලීනම් නමැති බැක්ටීරියාව වේ - ප්‍රෝටීන් අඩංගු ආහාරවල ඇතුළත් වන බැවින් ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන පර්යේෂණ අවසන් වනතෙක් නැවත දැනුම්දෙනතුරු ඒවා අලෙවි කිරීම තාවකාලිකව තහනම් කර ඇති බවයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ වනවිට බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියැදි 100 කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කෙරෙන බව ද එම අමාත්‍යාංශය පවසනවා. දැනට වෙළඳපොලේ පවතින ඇතැම් චොක්ලට්, කිරිපිටි, ශක්තිජනක පාන, චීස්, බටර්, ටොෆී සහ විස්කෝතු වර්ගවල    වේ - ප්‍රෝටීන් අඩංගු බවට තහවුරු වී තිබෙනවා. එම නිසා කිසියම් පාරිභෝගිකයෙකු එවැනි ද්‍රව්‍යයක් මිලදී ගන්නේ නම් එහි දවටනයේ අන්තර්ගත ද්‍රව්‍ය තීරුවේ වේ - ප්‍රෝටීන් හෝ      වේ - පවුඩර් යනුවෙන් සඳහන් වන්නේ නම් එවැනි ද්‍රව්‍ය මිලදී ගැනීමෙන් වළකින ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල ඉල්ලා සිටින්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෙළඳපොලෙන් ඉවත් කරන ලෙස දැනුම්දුන් කිරිපිටි කාණ්ඩවලට අයත්, තොග වෙළඳපොලෙන් ඉවත් කර ඇත්දැයි සොයා බැලීම සඳහා අමාත්‍යාංශ නිලධාරින් කොළඹ නගරයේ අද (12) ක්ෂේත්‍ර පරීක්ෂාවක නිරත වුණා. ඊට කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50 ක් පමණ සහභාගිවී තිබෙනවා. එම ක්ෂේත්‍ර චාරිකාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල.

 [MP3]s64940_2[/MP3]



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More