කදිරගාමර් රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් ගැන හෙළිදරව්වක්.

Monday, 12 August 2013 - 20:10

%E0%B6%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.



 

2005 වසරේ අගෝස්තු 12 වන දා එනම් මීට 8 වසරකට පෙර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර්ගේ පිළිරුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (12) විවෘත කෙරුණා. කොළඹ - හෝර්ටන් පෙදෙසේ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා සහ ක්‍රමෝපාය අධ්‍යනායතනයේ ස්ථාපිත කර ඇති පිළිරුව අද (12) උදෑසන විවෘත කළ ජනාධිපතිවරයා ඊට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. ත්‍රස්තවාදයට එරෙහිව රාජතාන්ත්‍රික මට්ටමින් සුවිසල් මෙහෙවරක් ඉටු කළ ලක්ෂ්මන් කදිරගාමර් විදේශ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අතර, වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කරලීම සඳහා ද පුරෝගාමී වුණා.


ලක්ෂ්මන් කදිරගාමර් පිළිරුව අද (12) නිවාරණය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ලක්ෂ්මන් කදිරගාමර් රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත් ගැන හෙළිදරව්වක් කළා.

[MP3]s64950[/MP3]