සෝල්හයිම්ට යළි ශ්‍රී ලංකාව මතක් වෙයි.

Tuesday, 13 August 2013 - 7:39

%E0%B7%83%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



මෙරට යුධ සමයේ සාම නියෝජිතයෙකු ලෙස කටයුතු කළ නෝර්වේ රාජ්‍යයේ හිටපු අමාත්‍ය එරික් සොල්හයිම් ඊයේ (12) නැවතත් ශ්‍රී ලංකාව පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. ෂින්හුවා, චීන ප්‍රවෘත්ති සේවය සමඟ ඊමේල් සංවාදයක නිරත වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙරට යුද්ධයේ සිදුවී ඇතැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. ශ්‍රී ලංකාවෙන් ඒ සඳහා විශ්වසනීයත්වයෙන් යුත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන බවට ඔහු චෝදනා කළා. මේ මස මෙරට සංචාරයක නිරත වන ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකාවට ප්‍රබල පණිවුඩයක් ලබාදිය යුතු බවත්, සොල්හයිම් කියා සිටියා. දෙමළ ඩයස්පෝරාවට මෙරට ඉදිරි ගමන වෙනුවෙන් මෙහෙයක් ඉටු කළ හැකි බව පැවසූ සොල්හයිම් ඔවුන් ප්‍රචණ්ඩත්වය අත්හැර ක්‍රියා කළ යුතු බවයි සඳහන් කළේ.

 
ලක් රජය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර සාම නියෝජිතයෙකු ලෙස කටයුතු කළ සොල්හයිම් ප්‍රබල කොටි හිතවාදියෙකු බවට මෙරට ජනතාව තුළ මතයක් පවතින බවයි ශින්හුවා ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ. නෝර්වේ හිටපු අමාත්‍ය සොල්හයිම් ශ්‍රී ලංකාව පිළිබද කළ ප්‍රකාශය නෝර්වේ මැතිවරණය ඉලක්ක කරගෙන සිදුකරන ලද්දක් බව ඇතැමුන්ගේ විශ්වාසයයි.  නෝර්වේහි විශාල දෙමළ ඩයස්පෝරාවක් වාසය කරනවා.