රතුපස්වල ජල ප්‍රශ්නයට ජනපතිගෙන් විසඳුම්.

Tuesday, 13 August 2013 - 7:40

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.


වැලිවේරිය - රතුපස්වල ප්‍රදේශයේ ජල ගැටළුවට විසඳුම් ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) පියවර ගත්තා. ඒ, ප්‍රදේශයේ ළිං වල ජලය අපවිත්‍රවීමට බලපා ඇතැයි කියන කර්මාන්තශාලා නියෝජිතයන්, ප්‍රදේශවාසීන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. මෙහිදී ජනාධිපතිවරයා විසින් මෙම ගැටළුවට විසඳුම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි පළමු කරුණ වන්නේ ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂා සහිත පානීය ජලය සම්පාදනය කිරීම අදාළ නිළධාරීන්ගේ ප්‍රමුඛතම වගකීම විය යුතු බවයි. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ජලය පරීක්ෂා කොට වාර්තාවක් නිකුත් කිරීමට නියමිත අතර කර්මාන්තශාලාව වැරදි ලෙස ක්‍රියා කර ඇති බවට එම වාර්තාවෙන් සනාථවුවහොත් කර්මාන්තශාලාව වසා දමනු ඇති.

එමෙන්ම මෙම කර්මාන්තශාලාව නියමිත රෙගුලාසි අනුව ක්‍රියා කර ඇති බව අදාළ වාර්තාවෙන් හෙළිවුවහොත් එය ආයෝජන මණ්ඩල කලාපයක් තුළ ප්‍රතිස්ථාපනය සඳහා සාධාරණ කාලයක් ද ලබාදීමට නියමිතව තිබෙනවා.

අදාළ කර්මාන්තශාලාවේ මෙහෙයුම් නතර කිරීමට පෙර නිෂ්පාදිත භාණ්ඩ ප්‍රයෝජනයට ගැනීමට ඉඩදීමටත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාව එළිදක්වන තුරු කර්මාන්තශාලාව පවත්වාගෙන යාමට ඉඩ දීමටත් මෙහිදී ප්‍රදේශවාසීන් එකඟත්වය පළ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා.

මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවැනි කරුණු පදනම් කරගෙන ගැටළු ඇති වූ විට නීතිය සියතට ගැනීමෙන් වළකින ලෙසයි. එමෙන්ම  යළිත් වරක් මෙවැනි ගැටළු ඇතිවීම වැළැක්වීම සඳහා මෙරට අලූතින් ස්ථාපනය කරන  ඕනෑම කර්මාන්තශාලාවක් ආයෝජන මණ්ඩල කලාප තුළ ඉදිකළ යුතු බව ද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (12) පැවැති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.
 
[MP3]s64960[/MP3]