නයිජීරියාවේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක්.

Tuesday, 13 August 2013 - 8:28

%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඊසානදිග නයිජිරියාවේ බොනෝ ප්‍රාන්තයේ මයිඩුගුරි නගරයට ආසන්න කොන්ඩුගාහි මුස්ලිම් දේවස්ථානයට එල්ල වූ අන්තවාදී ප්‍රහාරයකින් බැතිමතුන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉරිදා අලූයම් කාලයේ යාඥා මෙහෙයෙන් පසු එල්ල වූ මෙම ප්‍රහාරය පිළිබදව තොරතුරු හෙළිවන්නේ දැනුයි. මෙම ප්‍රහාරය උතුරුදිග නයිජිරියාවේ ක්‍රියාත්මක බෝකෝ හරාම් කල්ලිය විසින් එල්ල කරන්නට ඇතැයි සැලකෙනවා. 2009 වසරේ සිට ඔවුන් එල්ල කළ ප්‍රචණ්ඩ ප්‍රහාරවලින් සිවිල් වැසියන් දහස් ගණනක් මිය ගියා. නයිජිරියානු ජනාධිපති ගුඞ්ලක් ජොනතන් ප්‍රහාරය එල්ල වූ දේවස්ථානය පිහිටි බෝනෝ ප්‍රාන්තය සහ අවට ප්‍රාන්තවල හදිසි නීතිය පනවා ඇති අතර යුධ හමුදාව එහි යෙදවීමට ද පියවර ගත්තා. බෝකෝ හරාම් කල්ලිය නයිජිරියාවේ ක්‍රිස්තියානු දේවස්ථාවලට ප්‍රහාර රැසක් එල්ල කර ඇති අතර, විටින් විට තම මතයට එරෙහි ඉස්ලාමීය පූජ්‍යස්ථාන ද ඉලක්ක කර ගන්නවා.