ඞී.සී.ඞී., බොටලිනම් අඩංගු කිරි වෙළඳපළේ නැහැ. - PHI

Tuesday, 13 August 2013 - 12:51

%E0%B6%9E%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%9E%E0%B7%93.%2C+%E0%B6%B6%E0%B7%9C%E0%B6%A7%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%85%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+PHI

ඞී.සී.ඞී. රසායනික අඩංගු කිරිපිටි සහ ක්ලොස්ටි‍්‍රඩියම් බොටලිනම් බැක්ටීරියාව අඩංගු කිරිපිටි වෙළදපළෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (13) ප්‍රකාශ කළා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන එම සංගමයේ සභාපති උපුල් රෝහණ.

 

[MP3]s64982_1[/MP3]                                         

 

වේ - ප්‍රෝටීන් සහිත කිරිපිටිවල ක්ලොස්ටි‍්‍රඩියම් බොටලිනම් බැක්ටීරියාව ඇද්දැයි කෙරෙන පරීක්ෂණ ඉතා ඉක්මනින් අවසන් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන වෛද්‍ය පර්යේෂණායතනයට උපදෙස් දී තිබෙනවා. මේ වන විට වේ - ප්‍රෝටීන් සහිත කිරිපිටි සහ අමතර පෝෂණීය ආහාර ද්‍රව්‍ය නියැදි සියයට අධික සංඛ්‍යාවක් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ බැක්ටීරියා පර්යේෂණ ඒකකයේ පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතිනවා. අද උදෑසන එම ආයතනය ගිය සෞඛ්‍ය අමාත්‍යවරයා මේ පිළිබදව සිදුකෙරෙන පරීක්ෂණ නිරීක්ෂණයට ලක් කළා.

 

වේ - ප්‍රෝටීන් අඩංගු සියලූම කිරිපිටි පමණක් නොව අමතර පෝෂණීය ආහාර ද්‍රව්‍යය ද නැවත දැනුම් දෙන තුරු වෙළදපළෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලූම නිෂ්පාදන සමාගම්වලට සහ අලෙවිකරුවන්ට ඊයේ දැනුම් දුන්නා.  ක්ලොස්ටි‍්‍රඩියම් බොටලිනම් නැමැති බැක්ටීරියාව වේ - ප්‍රෝටීන් අඩංගු ආහාරවල ඇතුළත් වනවා. වේ - ප්‍රෝටීන් අඩංගු ආහාර ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගෙන් විමසීමක් කළා.

 
[MP3]s64982_2[/MP3]