ගැමුණුට අනෙක් බස් සංගම්වලත් සහාය. - බලපත්‍ර අහෝසි කරනවා. - සී.බී.

Tuesday, 13 August 2013 - 12:55

%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA.+-+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B7%83%E0%B7%93.%E0%B6%B6%E0%B7%93.

ලබන සැප්තැම්බර් මස 1 වන දා සිට බස් ගාස්තුව සියයට 10කින් ඉහළ දැමීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ගෙන ඇති තීරණයට අනෙකුත් බස් සංගම් ද සහාය පළ කරනවා. බස් ගාස්තු ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පසුගිය දා දියත් කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට සහාය නොදැක්වූ සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය ද මෙම තීරණයට සහාය පළ කිරීම විශේෂත්වයක්. ඊයේ (12) රැස්වූ එම සම්මේලනයේ විධායක සභාව බස් ගාස්තුව ඉහළ දැමීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ගත් තීරණයට සහාය පළ කිරීමට තීරණය කළ බවයි එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

 

බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව ගාස්තු ඉහළ දැමීමට නියමිතව තිබුණේ පසුගිය ජුලි මස 1 වන දායි. එහෙත් ගාස්තු ඉහළ දැමීමේ දී ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ බස් සංගම් අතර, ඇති එකඟතාවය කඩ කරන්නේ නම් බස් සංගම්වලට බස් ගාස්තු ඉහළ දැමීමේ දී හැකියාවක් පවතින බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළා.   

 

[MP3]s64983_1[/MP3]                                                    

 

ලබන සැප්තැම්බර් මස 1 වන දා සිට බස් ගාස්තුව සියයට 10කින් ඉහළ දැමීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ගත් තීරණයට දකුණු පළාත් පෞද්ගලික බස් සමාගම් සම්මේලනය ද සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කරුණු දැක්වූ එහි සභාපති චන්දන සොයිසා.  

 

[MP3]s64983_2[/MP3]                                                              

 


කෙසේ වෙතත්, බස් සංගම්වල මෙම අදහස පිළිබදව අප පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායකගෙන් කරුණු විමසා සිටියා. අමාත්‍යවරයා කියා සිටියේ හිතුවක්කාරී ලෙස බස් සංගම් විසින් ගාස්තු ඉහළ දැමුවහොත් බස් රථවල ධාවන බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි. බස් සංගම්වලට බස් ගාස්තු ඉහළ දැමීමට නිත්‍යානුකූල හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.