දකුණු කොළඹ වරාය නැරඹීමට තවත් දින දෙකක්.

Tuesday, 13 August 2013 - 18:57

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%BB%E0%B6%B9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.

කොළඹ දකුණු වරායේ ජාත්‍යන්තර බහාලූම් අංගනය සහ දියකඩනය නැරඹීම සඳහා මහ ජනතාවට ලබාදුන් කාලය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට වරාය හා මහා මාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පසුගිය 8 වැනිදා සිට අද (13) දිනය දක්වා වරාය නැරඹීමට මහ ජනතාවට අවස්ථාව ලබා දී තිබුණා. මෙම කාලවකවානුව තුළදී වරාය නැරඹීම සඳහා පැමිණි අතිවිශාල ජනතාවගේ ඉල්ලීම මතයි වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව හෙට සහ අනිද්දා දින දෙකේදීද වරාය නැරඹීමේ අවස්ථාව මහජනතාවට උදාවනවා.

මේ අතර පසුගිය 8 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මිලියන 5 කට අධික ජනතාවක් වරාය නැරඹීම සඳහා පැමිණ ඇති බවයි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ.  

[MP3]s65002[/MP3]

පසුගිය 5 වැනිදා කොළඹ දකුණු වරායේ ජාත්‍යන්තර බහාලූම් අංගනය සහ දියකඩනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කෙරුණා.



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More