වාස් සහ රවිඳු 27 දක්වා යළිත් රිමාන්ඞ්.

Wednesday, 14 August 2013 - 13:07

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%B3%E0%B7%94+27+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.



දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු සැකකරුවන් 09 දෙනා මේ මස 27 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් හමුවට අද (14) ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන රවිඳු වාස් ගුණවර්ධන පසුගිය 07 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ බොරලැස්ගමුව - පැපිලියාන - මයුර මාවතේ නිවසක රැඳී සිටියදීයි. ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම නඩුවේ 09 වන සැකකරු වන පසුගියදා රවිඳු ගුණවර්ධන සමග අත්අඩංගුවට ගනු ලැබු ශ්‍රීමාල් හෙට්ටිආරච්චිට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මිනීමැරුම් නඩුවක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. එහි හඳුනාගැනීමේ පෙරටුට්ව මේ මස 21 වැනිදා පැවැත්වෙන බැවින් ඊට අදාළ සැකකරු ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා තිබෙනවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු අදාළ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට අවසර ලබා දුන්නා.