උතුරු නැගෙනහිර ජනතාවටත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක්.

Thursday, 15 August 2013 - 7:44

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



උතුරු නැගෙනහිර ජනතාවටද කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයක් ලබාදිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වසර 30 ක් අසාධාරණයට ලක්වූ එම ජනතාව නගා සිටුවීමට රජය දැවැන්ත වැඩකොටසක් ඉටුකර ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. එහි ප්‍රතිලාභ නිසි පරිදි එම ජනතාවට ලබාදීමට නම් විධිමත් රාජ්‍ය සේවයක් එම පළාත තුළ ස්ථාපිත කළයුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. රාජ්‍ය පරිපාලන සේවයේ දෙමළ මාධ්‍යයෙන් පවත්වන ලද විභාගය සමත්වූ පරිපාලන නිලධාරීන් 43 දෙනෙකු උතුරු නැගෙනහිර පළාත්වල සේවාස්ථාන සඳහා අනුයුක්ත කිරීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රාජ්‍ය සේවයේදී ජාති, ආගම් සහ පළාත් හෝ දේශපාලන වශයෙන් කිසිදු භේදයක් සැලකිල්ලට නොගතයුතු බවයි.



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More